Lyrics
Personal Hero
King Lotuss
ගෙදර බුදුන් අම්මා දන්නව ඒ බණ Gedara budun amma dannawa e bana
දුන්න මට හයිය හිතක් ශූරයෙක්ගෙ රණ Dunna mata haiya hithak shurayekge rana
කියන්නෙ මව නෙවෙයි නිහඬ වීරයෙක් ගැන Kiyanne mawa newei nihanda wirayek gana
සීයක් දන ගැස්සුවත් තාත්ත ගාව ගහනව දණ Siyak dana gassuwath thaththa gawa gahanawa dana
ඔහු කඹයකි මුළු පවුලම එකට බැඳි Ohu kambayaki mulu pawulama ekata bandi
ඔහු එලියකි යන්න දුන්නෑ අඳුරෙ වැදි Ohu eliyaki yanna dunna andure wadi
අම්මා සඳකි එහෙනම් ඔහු මන්දාකිණියකි Amma sandaki ehenam ohu mandakiniyaki
පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි Piya senehasata kawi gi liyawuna madi
දන්නව අපි මද්යම පාන්තිකයි ඉල්ලන්නෑ මං අහස Dannawa api madyama panthikai illanna man ahasa
අම්මට විතරද තාත්තට දෙන්න බැරිද දැන් පහස Ammata witharada thaththata denna barida dan pahasa
පවුලෙ තුනකි කෑම දෙකකි බඩගින්න උනා රහස Pawule thunaki kama dekaki badaginna una rahasa
මා ගැන ඔබට උදහස ඔබ රකිමි එයයි අදහස Ma gana obata udahasa oba rakimi eyai adahasa
තාත්තේ මං ආදරෙයි නෙ සෑහෙන්න Thaththe man adarei ne sahenna
හොඳ පාරවල් පෙන්නුව මට නං නො සෑහෙන්න Honda parawal pennuwa mata nan no sahenna
කිසි එකෙකුට බැහැ ඔබතුමා සමඟ නං පෑහෙන්න Kisi ekekuta baha obathuma samanga nan pahenna
දැකපු උපරිම කැපකිරීම් කලේ අපිට නෑසෙන්න Dakapu uparima kapakirim kale apita nasenna
මතක කාලෙ ඉදන් දාන්නෙ ඔයා එකම සපත්තූ Mathaka kale idan danne oya ekama sapaththu
අපිට හැමපාටම ඇඳුම් වලින් නෑ පරක්කූ Apita hamapatama andum walin na parakku
මමනම් බේබද්දා ඔයා තමයි මගෙ අරක්කූ Mamanam bebadda oya thamai mage arakku
අත පය වාරු නැති වෙද්දිත් අපිව නෑ බරක්ලූ Atha paya waru nathi weddith apiwa na baraklu
කොච්චර බිව්වත් බීල ගමේ චාටර් වෙලා නෑ Kochchara biwwath bila game chatar wela na
අහල පහල හොර ගෑනු කතා ඒව ලොවෙත් නෑ Ahala pahala hora ganu katha ewa loweth na
අපිට කරා මිසක් කරගත්ත දෙයක් නෑ Apita kara misak karagaththa deyak na
තාත්තෙ උබ තරම් කෙනෙක් මන්නම් දැකල නෑ Thaththe uba tharam kenek mannam dakala na
පෙන්නුව පාරෙ නෙවෙයි මට හිතුන පාරෙ මං ගියා Pennuwa pare newei mata hithuna pare man giya
ජීවිත කාලෙම තාත්ත මගේ ගාවින් ගන්නම් තියා Jiwitha kalema thaththa mage gawin gannam thiya
ඇස් තෙත් වෙන්නෙ ඇයි කලින් ඉවරවෙන්න ලියා As theth wenne ai kalin iwarawenna liya
අදහනවනම් ආගමක් ඊටත් උඩින් ඉන්නෙ පියා Adahanawanam agamak itath udin inne piya
කී පාරක් කිව්වත් මදි නුඹට තූතියි කියල Ki parak kiwwath madi numbata thuthiyi kiyala
සමාන කරන්න බෑ සෙනෙහස පෑනෙන් ලියල Samana karanna ba senehasa panen liyala
අපි නැති නම්ඔ බ තව අඩි ඉදිරියට තියල Api nathi namo ba thawa adi idiriyata thiyala
ඔබ මහ බැංකුව වගේ මමනම් නිකම්ම රුපියලක් Oba maha bankuwa wage mamanam nikamma rupiyalak