← All lyrics
Mawila cover art

Lyrics

Mawilaමැවිලා

King Lotuss, DILU Beats2023

Verse 1

සිතුවිලි හාරනා Sithuwili harana

මතකය පාරනා Mathakaya parana

නුඹ පෙර කාරණා ගෙනා Numba pera karana gena

නීරස චේතනා Nirasa chethana

ඒ රුව වේදනා E ruwa wedana

සිහිනෙක ඈ සිනාසෙනා Sihineka a sinasena

Hook

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ Tharukata dilisenna wu me yame

සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ Sanda ganandura atharin yali nena se

ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා Itu karaliya nohakiyi me pena de mawila

පිය සටහන් වැදුනානම් මේ පාරේ Piya satahan wadunanam me pare

දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ Danawai api awidapu hati e kale

කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා Kisi dawasaka na ma hata me wage danila

Verse 2

මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා Mama peradinakadi yuwathiyak saha siti thanak netha gatuna

මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා Mama nawathuna thana amathaka una hadawatha hiri watuna

අයෙක් මුණ ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා Ayek muna gasuna numbe iki handa mata asuna

ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා E loka dharme deyak hatagaththa e deya nasuna

එපිටට සීමාවේ තනිවුනු වේලාවේ Epitata simawe thaniwunu welawe

නොකිව්වට මගෙ හිතේ පෙර මතක රැසක් බිහි උනා Nokiwwata mage hithe pera mathaka rasak bihi una

නුඹ අද මුලාවේ මම අද හිනාවේ Numba ada mulawe mama ada hinawe

නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා Numba ada kohewath mama kohewath bawa sihi una

මේ හුලඟ තාම එහෙමමයි Me hulanga thama ehemamai

ගහ කොල තාම එහෙමමයි Gaha kola thama ehemamai

වෙනස් අපි දෙන්නා කන රහ තමයි Wenas api denna kana raha thamai

මගෙ නිදහසට වූ තහනමයි Mage nidahasata wu thahanamai

මා හා වෙසෙන්න අමාරු Ma ha wesenna amaru

හිත කියවිය හැක මූනෙන් Hitha kiyawiya haka munen

දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි Dunna wu mathaketa ammapalla sthuthiyi

එපිටට සීමාවේ තනිවුන වේලාවේ Epitata simawe thaniwuna welawe

දැන් මට පේන තරම් Dan mata pena tharam

නුඹ අද මුලාවේ මම අද හිනාවේ Numba ada mulawe mama ada hinawe

දැනුනද ඕන තරම් Danunada ona tharam

හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම් Hitha pura mumunana mathaken samudi man innam

මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම් Matath hora mathakaye atharin kimidi man ennam

Hook

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ Tharukata dilisenna wu me yame

සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ Sanda ganandura atharin yali nena se

ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා Itu karaliya nohakiyi me pena de mawila

පිය සටහන් වැදුනානම් මේ පාරේ Piya satahan wadunanam me pare

දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ Danawai api awidapu hati e kale

කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා Kisi dawasaka na ma hata me wage danila

Theme 0:00 / 1:53 · 2026