← All lyrics
Q cover art

Lyrics

Qකිව්

King Lotuss, Chanuki Gamage2026

Verse 1

පටන් ගත්තේම වෙනස් විදියකට මතකද අපි අප හමුවුණු අයුරූ Patan gaththema wenas widiyakata mathakada api apa hamuwunu ayuru

වෙනස අපිට අපි වෙනස් කියා අමතකයි එක්කං ගිහින් පෙන්නන්න උන්නෙ නැ සයුරූ Wenasa apita api wenas kiya amathakai ekkan gihin pennanna unne na sayuru

සින්දු වලට ඇඟ බැඳල නංගී ඒ බව දැනන් ඇයි වැටෙන්නෙ වියරූ Sindu walata anga bandala nangi e bawa danan ai watenne wiyaru

පෙර ඇසූව මාව කෝ එ වූවමනාව එ සැනසූම නැද්ද මියුරූ Pera asuwa mawa ko e wuwamanawa e sanasuma nadda miyuru

අපි හරි පවුලක් දැකල නැ Api hari pawulak dakala na

අපි කරන්නෙ මහ උන් කරපු ටිකමයි අපිත් පවුලක් රැකල නෑ Api karanne maha un karapu tikamai apith pawulak rakala na

ඔයාගෙ හීන ලෝක වලට මං පැකිලුනේ Oyage hina loka walata man pakilune

ඔයාටද ඇති උනේ කසාඳයයි හැකිලුනේ Oyatada athi une kasandayai hakilune

ඇයි මංදා බන් උබව දුවෙක් වගේ තේරෙනෙක Ai manda ban ubawa duwek wage thereneka

මං ඉන්නේ මෙ යුද්ධේ මං දන්නව ගැන බේරෙනෙක Man inne me yuddhe man dannawa gana bereneka

වාසල දෙදරද්දි නොපෙනෙනො පෙනෙනෙක Wasala dedaraddi nopeneno peneneka

මුලිං කියනෙක වෙනස් කරනෙක නෙවෙයි මට දැනෙනෙක Mulin kiyaneka wenas karaneka newei mata daneneka

හැමදේටම තෑන්ක් යූ Hamadetama thank yu

ඇයි දන්නවද බැන්දේ මං බඳින්නෙම නෑයි කියූ Ai dannawada bande man bandinnema nai kiyu

Ego එකේ බලේ තාවකාලිකයි Q Ego eke bale thawakalikai Q

මං මැව්වා ඔයාට ලෝකේ මට zavi කිව් Man mawwa oyata loke mata zavi kiw

වේගෙනම් ප්‍රශ්නෙ මං දිව් Wegenam prashne man diw

ඉන්න තිබුනනෙ මං එනවනෙ විට මහන්සිවූ Inna thibunane man enawane wita mahansiwu

ඔය ආදරේද නෑ Perspective Oya adareda na Perspective

පිරිමි ඕන දෙයක් දෙයි ගෑණීට ඌව විශ්වාසේ තිව් Pirimi ona deyak dei ganita uwa wishwase thiw

නැති කරගත්තෙ ඇයි විශේෂයක් Nathi karagaththe ai wisheshayak

හැරයන්න හේතු හදද්දියි ආවෙ ද්වේශයක් Harayanna hethu hadaddiyi awe dweshayak

නිමේෂයක් කතා කරන්න තිබ්බ අපි ගැන Nimeshayak katha karanna thibba api gana

ආවෙ නැත්තන් කේන්ති ඔයාට දෙද්දි උපදේශයක් Awe naththan kenthi oyata deddi upadeshayak

එදා කැමති දේ අද ඔයා අකමැති කරගත්තා Eda kamathi de ada oya akamathi karagaththa

උඹ පවුල අතාරිද්දි මම සියලු බර ගත්තා Umba pawula athariddi mama siyalu bara gaththa

අස්වැන්නට කල් ඕන එතකන් අපි මරාගත්තා Aswannata kal ona ethakan api maragaththa

අපි අපිව අපිට නැති කරගත්තා Api apiwa apita nathi karagaththa

හාද මා අවසානෙදි නොයා දමා Hada ma awasanedi noya dama

(සොලවමි විශ්වේ) (solawami wishwe)

Hook

ආස මා අවධානෙට ඔයා ගෙනා Asa ma awadhaneta oya gena

(කලින් වෙනස නුඹ මා කලෙ නැ විනිශ්චේ) (kalin wenasa numba ma kale na winishche)

හාද මා අවසානෙදි නොයා දමා Hada ma awasanedi noya dama

(මම මාව දනිමි නම් සොලවමි විශ්වේ) (mama mawa danimi nam solawami wishwe)

ආස මා අවධානෙට ඔයා ගෙනා Asa ma awadhaneta oya gena

(කලින් වෙනස නුඹ මා කලෙ නැ විනිශ්චේ) (kalin wenasa numba ma kale na winishche)

Verse 2

(කිව්) (kiw)

ඇද්ද Adda

වාසල විසිරිලා නැද්ද Wasala wisirila nadda

රජු නිදිව රැජිණිය හිස පිරි මැද්ද Raju nidiwa rajiniya hisa piri madda

දැන් රජු පමණි සේනාව සීසීකඩ බැද්ද Dan raju pamani senawa sisikada badda

උඹට තේරෙන්නැද්ද තේරුම් කර මගෙද වැරැද්ද Umbata therennadda therum kara mageda waradda

අපේ පොඩි කාලෙ traumas මං හොයපු පිලියම් Ape podi kale traumas man hoyapu piliyam

උඹගෙ ඔලුව කෑවේ වටේ උන් නිලියන් Umbage oluwa kawe wate un niliyan

ගරුත්වේ එක උනේ තිබිල මිලියන් Garuthwe eka une thibila miliyan

ඔයාට මුල් ප්‍රශ්නෙ මතකත් නෑ හේතු බිලියන් Oyata mul prashne mathakath na hethu biliyan

සතුට ඒ කාලෙ මතකද කරපු ඒවා Sathuta e kale mathakada karapu ewa

නුබෙ චපල හිත තා පිරිමි නොරිදවේවා Nube chapala hitha tha pirimi noridawewa

ඔයා බේරෙන්නයි දන්නේ ජීවත් වී නැත පියසේ Oya berennai danne jiwath wi natha piyase

සිරසෙ නුබෙ නැත මට හිතුනත් බිරිය සේ Sirase nube natha mata hithunath biriya se

සින්දු හින්ද මා අසා විත් කරවන්නදෝන නතර Sindu hinda ma asa with karawannadona nathara

මං ඒම කරලත් අවධානෙ දුන්න අතරින් පතර Man ema karalath awadhane dunna atharin pathara

මගේ රැප් විතරමයි පාලු මැකුවෙ මේ කතර Mage rap witharamai palu makuwe me kathara

මේවා සැවීට කරානම් ඒකි ජීවතුන් අතර Mewa sawita karanam eki jiwathun athara

ඔයාව රැජිණක් කරන්නයි ඕන උනෙ අරමුණින් Oyawa rajinak karannai ona une aramunin

දරාගැනීම ඉවසීම විනය පරවුණි Daraganima iwasima winaya parawuni

බැරවුණි නොකෙරු වැරදි ඒ ගින්නට මං දරවුණි Barawuni nokeru waradi e ginnata man darawuni

කසාඳෙ පැරදුණි දෙපස හැරවුණි Kasande paraduni depasa harawuni

අනාගතේ වෙලාවක Anagathe welawaka

තේරෙවි ඔයා ඉන්න බව මිත්‍යාවක Therewi oya inna bawa mithyawaka

එලියෙ හෙව් සතුට ලදොත් මටත් කියන්න Eliye hew sathuta ladoth matath kiyanna

ඉන්නෙපා වේදනාවක දැන් කවුද අග්‍ර ශාවක Innepa wedanawaka dan kawuda agra shawaka

පුරහඳ දුටිමි වෙනකල්ම හඳ අඬවන් Purahanda dutimi wenakalma handa andawan

කා ගාව නැතත් නුඹ ලඟ දඟ මන් Ka gawa nathath numba langa danga man

නුඹ දෙස නොබැලුවාට ලඟ ලඟ මං Numba desa nobaluwata langa langa man

අපෙ අධිරාජ්‍යය ගොඩනගන ගමන් Ape adhirajyaya godanagana gaman

Theme 0:00 / 1:53 · 2026