← All lyrics
Zavi cover art

Lyrics

Zavi

King Lotuss2022

Hook · King Lotuss

අඳුරේ කටයුතු භාරදූර Andure katayuthu baradura

මං හෙව්වෙ උබේ මූණ Man hewwe ube muna

මේ කරුවලේ Me karuwale

මං ගතකලේ Man gathakale

අන්තිම ගිනිකූර Anthima ginikura

කටයුතු භාරදූර Katayuthu baradura

මං හෙව්වෙ උබේ මූණ Man hewwe ube muna

මේ කරුවලේ Me karuwale

මං ගතකලේ Man gathakale

අන්තිම ගිනිකූර Anthima ginikura

Verse · King Lotuss

ලයිටරෙයි ඉන්හේලරෙයි පමණයි මට ඉතිරී Laitarei inhelarei pamanai mata ithiri

දනා රසවිඳියි මාව සැපේ බිම වැතිරී Dana rasawindiyi mawa sape bima wathiri

තෝරාගත්තේ මඟකි පාවඩේ කටු ඇතිරී Thoragaththe mangaki pawade katu athiri

සංගීතේ මගෙ හතුරා නුඹ උනා හැතිරී Sangithe mage hathura numba una hathiri

කැපකලා නින්ද ඈ Kapakala ninda a

හෙව්වා කාසී දිවා රෑ Hewwa kasi diwa ra

සෙනෙහස නිම්ද පෑ Senehasa nimda pa

මතකයි මට කිව් දෑ Mathakai mata kiw da

ඒවා නිසා නින්ද නෑ Ewa nisa ninda na

කොල්ලව කොල්ලව රජෙක් කිරීමට තැත් කළේ කියනු කිම්ද ඈ Kollawa kollawa rajek kirimata thath kale kiyanu kimda a

මම රජ උනා Mama raja una

පැතු දේ ඉටු උනා Pathu de itu una

කෙල්ලද සින්දුද තීරණේ ගන්න සිදුවුනා Kellada sinduda thirane ganna siduwuna

එයද විසඳුමක් Eyada wisandumak

නොව හිත පුන පුනා Nowa hitha puna puna

නුබව ඉල්ලද්දි මොලය ගීයට යොමු උනා Nubawa illaddi molaya giyata yomu una

නුඹ මඟහැරුනා ශබ්දාගාරේ මං නැහුනා Numba mangaharuna shabdagare man nahuna

අදත් ඔයා බිසීද හීනෙනුත් නුඹව ඇහුනා Adath oya bisida hinenuth numbawa ahuna

නින්දෙදි දැක්ක හීනේ නිසා ජීවෙයි ආලෙයි සේරම කැප කරා Nindedi dakka hine nisa jiwei alei serama kapa kara

කන අවදියි හදවත වැහුනා Kana awadiyi hadawatha wahuna

සිංදුවක් කරන්න ආසාවකින් පෙලි ගමේ කොල්ලෙක්ව ගායකයෙකු කිරීමටයි උනේ ආස Sinduwak karanna asawakin peli game kollekwa gayakayeku kirimatai une asa

සති මාස ගණන් නෑ මගේ නිදහසක් දැන්නම් Sathi masa ganan na mage nidahasak dannam

මම භූමියි අහස නුඹ කෙසේ කළේ වාස Mama bumiyi ahasa numba kese kale wasa

ගනු බෑ නැවත ඇතුන් ලවාවත් කාලේ Ganu ba nawatha athun lawawath kale

පෙම එක අතකින් තව අතකින් තාලේ Pema eka athakin thawa athakin thale

දැන් නම් වෙනස් සැවී මං ඉන්නේ ඉන්නම් වාලේ Dan nam wenas sawi man inne innam wale

සංගීතේ පස්සෙන්මයි දිව්වේ මඟහැරන් ආලේ Sangithe passenmai diwwe mangaharan ale

නුඹයි හිටිය නෝනා Numbai hitiya nona

අපේ වෙනස් නේද කෝණ Ape wenas neda kona

මට ඇඬුණු දවස මතකද යාලුවො බොන තැනකදි මාව ඕනා ලෙස කෑ ගසා විලාප Mata andunu dawasa mathakada yaluwo bona thanakadi mawa ona lesa ka gasa wilapa

තිබ්බා මතකද ඒවා හද කෑගසා ඉල්ලුවා නුඹ Thibba mathakada ewa hada kagasa illuwa numba

උපන් දිනයෙදිමයි යෙදුනෙ සංවත්සරේ Upan dinayedimai yedune sanwathsare

ගේමක් දීලයි නුඹ ලඟ කඳුළු වසන්කරේ Gemak dilai numba langa kandulu wasankare

මුදු කරන් මාරු අපි වචනෙන් අත්සන් කරේ Mudu karan maru api wachanen athsan kare

නුඹ කළා මිසක නෑ කිසිදෙයක් මන් කරේ Numba kala misaka na kisideyak man kare

ඔයා ගන්නවා කෝල්ස් Oya gannawa calls

ඒ ගානක් නෑ මං ලියනවා E ganak na man liyanawa

මා හා ඉන්නයි හෝප්ස් Ma ha innai hopes

ඒ ගානක් නෑ මං ලියනවා E ganak na man liyanawa

ගවුමට ඔයා ශෝක් Gawumata oya shok

ඒ ගානක් නෑ මං ලියනවා E ganak na man liyanawa

ලෝකෙට දෙද්දි ටෝක් Loketa deddi tok

ඒකි මං නිසා මියෙනවා Eki man nisa miyenawa

පෙනහල්ලට දුම් ගියේ Penahallata dum giye

නුඹව සිහිකර Numbawa sihikara

නැද්ද කිවිසුම් ගියේ Nadda kiwisum giye

මතක බිහිකර Mathaka bihikara

උබේ ජීවිතේ පළමු වරට ගිය ගමන මතකද කෙල්ලෙ මාහා මන්දගාමී දුම්රියේ Ube jiwithe palamu warata giya gamana mathakada kelle maha mandagami dumriye

වේවි කියල කිව්වා Wewi kiyala kiwwa

මේවා ඇමතුම නොසලකා ගීත ගණනක් ලිව්වා Mewa amathuma nosalaka githa gananak liwwa

නුබේ නැතිවීම හිතේ තියන් ගෑණු ලඟට දිව්වා දුක සේරම මං කිව්වා Nube nathiwima hithe thiyan ganu langata diwwa duka serama man kiwwa

කෙනෙක් හදවත විව්වා Kenek hadawatha wiwwa

ජාති දෙකකින් මං බිව්වා Jathi dekakin man biwwa

දැනටත් කියන්නෙ පළ කෙනෙකුගෙ ගාවට Danatath kiyanne pala kenekuge gawata

මිනිස්සුන්ට නොගැලපෙයි මේ මවැනි සත්තූ Minissunta nogalapei me mawani saththu

පටන් ගත්ත මුලදි හිතුවෙ ලාවට Patan gaththa muladi hithuwe lawata

අසරණයි උඹව අහද්දි හිත වත්තූ Asaranai umbawa ahaddi hitha waththu

උබ හොඳම තැනක දැකීමටයි අරමුණ Uba hondama thanaka dakimatai aramuna

හැම මලටම දිනක් එනවා පරවීණ Hama malatama dinak enawa parawina

මට දුක මම ලෝටා වෙන්න හීන දකිද්දි උබ ඇතා වෙලා අරන් ගියා ඒ කරඬුව Mata duka mama lota wenna hina dakiddi uba atha wela aran giya e karanduwa

දිවුරලාද වෙන්න දුන්නෙ අඳුරූ Diwuralada wenna dunne anduru

හෙව්වා කොළ සහ කතුරූ Hewwa kola saha kathuru

මං යැව්වා හිතේ පතුරූ Man yawwa hithe pathuru

මම වගේ උන් නැත පඳුරූ වල Mama wage un natha panduru wala

දිවියදි පෙම උනා කෙමෙන් වහ කඳුරූ Diwiyadi pema una kemen waha kanduru

Theme 0:00 / 1:53 · 2026